What is Bitcoin and How to Buy - Explain in Sinhala

 

ව්‍යාපාරික ලෝකයේ නවතම ආයෝජන රැල්ල ලෙස බිට්කොයින් හදුනා ගන්න පුලුවන්. මේ වන විට ලෝකයේ සෑම දෙයක්ම ඩිජිටල් වෙමින් පවතිනවා.

ඉතින් 2009 වර්ශයේදී සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති මෘදුකාංග ඉන්ජිනේරු වරයා බිට්කොයින් (Bitcoin) නමින් ඩිජිටල් මුදල් ඒකකයක්(Cryptocurrency) ලෝකයට හදුන්වා දුන්නා.

දිනෙන් දින ලෝකයේ අවදානය බිට්කොයින් වෙත යොමු වෙනවාත් සමගම බිට්කොයින් වලට ඇති ඉල්ලුමද ඉතා සීග්‍රෙයන් වැඩි විය. ඉතින් 2010 වසරේ දී ඩොලර් එකකට($1) ටත් වඩා අඩුවෙන් පැවති බිට්කොයින් එකක්. අද 2021 වන විට ඩොලර් පනස් දහසක්($50,000) අසන්නව රැදී තිබෙනවා. 

හිතාගන්න පුලුවන් නේද ඉල්ලුම කොහොමද කියල. ඉතින් බිට්කොයින් වල මිළ ඉල්ලුමත් සමගම නිතරම වෙනස් වනවා. ඉතින් අවශ්‍ය කෙනෙකුට පුලුවන් බිට්කොයින් සුළු ප්‍රමානයක් හරි මිලදී අරගෙන මිළ වැඩි වූ අවස්ථාවන් වල විකුණා ඉතා ඉහල ලාභ ලබන්න.

අප මේ වන විට භාවිතා කරන සම්ප්‍රදායික මුදල් වෙනුවට ඩිජිටල් මුදල් ඒකකයක් එහෙමත් නැත්නම් Cryptocurrency පිලිබදව අදහස පහල වූයේ ලෝකයේ ඩිජිටල් යුගය ආරම්භ වනවාත් සමගමයි. ඉතින් 1980 න් පමන පසු මේ පිලිබදව සොයා බැලීම් කරන්න ආරම්භ වූවා. කොහොම හරි 1990 දී ඇමෙරිකානු ජාතික David Chaum නැමති පුද්ගලයා විසින් ඉතා ගවේශණ කිහිපයක්ම සිදුකලා. නමුත් ඒ අවදියේ අන්තර්ජාලයේ වගේම උපකරණ වල විශාල දියුනුවක් නොතිබුන නිසා මෙය යථාර්ථයක් බවට පත් වූයේ නැහැ.

කෙමෙන් කෙමෙන් ලෝකයේ සිදු වූ අති වශාල තාක්ෂණික දියුණුවත් සමග 2009 වර්ශයේ ලෝකයේ සාර්ථකම පලමු Cryptocurrency එක ලෙස බිට්කොයින්(Bitcoin) බිහි වනවා. ඒ  සතෝෂි නකමොටෝ (Satoshi Nakamoto) නැමති පුද්ගලයාගේ සංකල්පය මතයි.

බිට්කොයින් හි සළකුණ සහ කෙටි නාමය – Symbol of Bitcoin

ලෝකයේ සෑම මුදල් ඒකකයකට වගේම බිට්කොයින් වලටත් සලකුණක් වගේම කෙටි නාමයක් තියෙනවා. උදාහරණයක් විදියට ඇමෙරිකන් ඩොලරය සදහා සලකුණ ලෙස $ යොදාගන්නා අතර කෙටි නාමය USD ලෙස යොදා ගනී. මෙලෙසම බිට්කොයින් සදහා

  • සලකුණ – ₿
  • කෙටි නාමය – BTC
ලෙස යොදා ගන්නවා. ඒ වගේම බිට්කොයින් එක ඩිජිටල් මුදල් එකකයක් වුනාට එහෙමත් නැත්නම් Cryptocurrency එකක් වූවත් බිට්කොයින්ද උප ඒකක වලට බෙදනවා. හරියට ඩොලර් එකත් ශත වලට බෙදෙනව වගේමයි. ඉතින් බිට්කොයින් එකත් කුඩා කොටස් කෝටියකට බෙදෙනවා. ඒ බෙදෙන කුඩාම කෙටස හදුන්වන්නෙ Satoshi එකක් ලෙසයි. එය අපට මෙසේ දක්වන්න පුලුවන්.

  • 1 BTC = 10000000 Satoshi
  • 0.00000001 BTC = 1 Satoshi
ඒ වගේම තමා සතෝෂි නකමොටෝ බිට්කොයින් පිළිබද අදහස දෙනකොට ඒ ලිපිගොණුවෙ බිට්කොයින් පිලිබද හැමදෙයක්ම ඒ කියන්නෙ බිට්කොයින් ක්‍රියා කරන ආකාරය අනාගතයෙදි මොනවද සිදු වන වෙනස් කම් වගේ හැම දෙයක්ම ඒ ලිපිගොණුවෙ තියෙනවා. මේ ලිපි ගොණුව හදුන්වන්නෙ Bitcoin Whitepaper එක කියල. මෙතනින් ඔයාලට බිට්කොයින් වල Whitepaper එක බලන්න පුලුවන්. කොහොම හරි බිට්කොයින් වලින් පසුව තවත් Cryptocurrency විශාල ප්‍රමාණයක් නිර්මාණය වූවා. අලුතින් නිර්මාණය වූ සහ නිර්මාණය වන සියලුම Cryptocurrency වලට Whitepaper එකක් තියෙනවා. ඔබ Cryptocurrency එකක ආයෝජනයක් සිදුකරනවා නම් Whitepaper පිළිබදව හොදින් අධ්‍යනය කිරීම ඉතා වැදගක්. මෙය අලුත්ම Cryptocurrency එකක ආයෝජනයේදී ඉතාම වැදගත් වෙනවා.

බිට්කොයින් වල ක්‍රියාකාරිත්වය

ඔයාල හැමෝම දැන් දන්වා බිට්කොයින් ඩිජිටල් මුදල් ඒකකයක් කියල. ඉතින් සෑම මුදල් ඒකකයක්ම පාලනය කරන්න ඒ වගේම පවත්වාගෙන යන්න රටක නම් රජයන් සහ බැංකු සෘජුවම ඒ සදහා සම්බන්ධ වනවා. ඒ හරහා ඔවුනට මුදල් අච්චු ගහන්න(Print) හැකියාව පවතිනවා. ඉතින් අපි සාමාන්‍ය මුදල් භාවිතයේදී ඒ සදහා රජය සහ බැංකු සෘජුව සම්බන්ධ වෙලා ඉන්නවා. හිතන්න විදේශයක සිටින කෙනෙක්ට අප මුදල් යවද්දි අතරමැදියෙක් ලෙස බැංකුව කටයුතු කරනවා.

නමුත් බිට්කොයින් සම්බන්ධව මෙය හාත්පසින් වෙනස් වනවා. බිට්කොයින් වැඩ කරන්නෙ බ්ලොක්චේන් කියන තාක්ෂනය හරහායි. ඉතින් බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් බිට්කොයින් බ්ලොක්චේන් එක පවත්වාගෙන යන්නෙ බිට්කොයින් භාවිතා කරන අය විසින්මයි. බිට්කොයින් තවත් කෙනෙක්ට යවද්දි අතරමැදියෙක් ලෙස තවත් පාර්ශවයක් අවශ්‍ය වන්නේ නෑ. බ්ලොක්චේන් තාක්ෂනය නිසා ගනුදෙනුව සිදුකරන දෙදෙනාට හැර වෙන කිසිම කෙනෙකුට මේ ගනුදෙනුව ගැන දැන ගත හැකි වන්නේ නෑ. සරලව කිව්වොත් බිට්කොයින් හරහා අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන අපට ගණුදෙනු කිරීමේ හැකියාව ලැබෙනවා.

Bitcion Minners සහ Bitcoin Mining ගැන කෙටියෙන්

අපි ඒක මේ විදිහට මේ පැහැදිලි කර ගමු අපට අර කලින් කිව්ව විදිහට අතරමැදියෙක් ඇතිව සිදුකරන ගනුදෙනුවක් සහිත ජාලයක්(Network) අපට Centralize Network එකක් විදහට හදුන්වන්න පුලුවන්. ඒ වගේම අතරමැදියෙක් නැතිව කරන දෙදෙනෙක්ට කෙලින්ම එහෙමත් නැත්නම් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට (Person to Person) සෘජුව ගනුදෙනුවක් සිදුකරගත හැකි ජාලයක් Peer to Peer Network එකක් ලෙස හදුන්වන්න පුල්වන්. ඉතින් බිට්කොයින් ජාලය එහෙමත් නැත්මම් බ්ලොක්චේන් එක පාලනය කරන්න අතරමැදියෙක්(Central Authority) නෑ. නමුත් බිට්කොයින් බ්ලොක්චේන් එක පවත්වාගෙන යාමට දායක වෙන පිරිසක් ඉන්නවා. අන්න එයාලට තමා Bitcon Minners ල කියන්නෙ.

ඉතින් අපි පොඩ්ඩක් Bitcoin Mining පිළිබද පොඩ්ඩක් කතා කරමු. Bitcoin Blockchain එක පවත්වගෙන යන්න එකිනෙකට සම්බන්ධ වූ Computers අති විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඉතින් එසේ සම්බන්ධ වෙලා තියෙන Computers වලට Bitcoin Blockchain එක විසින් බිට්කොයින් සුලු ප්‍රමානයක ප්‍රදානයක්(Reward) ලබා දෙනවා. මෙන්න මේ නිසා තමා Bitcoin Mining කරල සල්ලි හොයන්න පුලුවන් කියල කියන්නෙ. අපට පැහැදිලි කරන්න අවශ්‍ය වුනේ Bitcon Minners ල තාමා බිට්කොයින් බිට්කොයින් ගණුදෙනු(Transactions) එහෙමත් නැත්නම් ගනුදෙනු කරන අයව එකිනෙකට සම්බන්ධ කරල ගණුදෙනු පවත්වාගෙන යන්නෙ කියල. ඉතින් Bitcon Minners ල විශාල ප්‍රමාණයක් Bitcoin Blockchain එකට සම්බන්ධ වෙලා ඉන්නවා.

බිට්කොයින් ගනුදෙනුවක් සිදුවන ආකාරය සරලව

හිතන්න ඔයාගෙ Bitcoin Wallet එකෙන් ඔයා බිට්කොයින් එකක් තවත් කෙනෙක්ට යව්වා කියල ඉතින් ඔයා සම්බන්ධ වෙලා ඉන්න Minner බලනවා ඔයාගෙ Wallet එකේ යවන්න තරම් ප්‍රමාණවත් Bitcoin ප්‍රමාණයක් සියෙනවද කියල. ඉතින් ප්‍රමාණවත් තරම් තියෙනව නම් අනෙක් කෙනාට ආදල බිට්කොයින් ප්‍රමාණය යවනවා. යවල මේ Bitcoin Blockchain එකේ ඉන්න සෑම Minner කෙනෙකටම පනිවිඩයක් යවනවා මේ වගේ ගණුදෙනුවක් සිදු කලා කියල. ඉතින් ඒ නිසා තමා කවදාවත් Bitcoin Blockchain එකට බොරුවක් කරන්න බැරි. ඒ කියන්නෙ Hack කරන්න බෑ. Hack කරනවා නම් අර කලින් කිව්ව Miners ල සියල්ලම ඒ කියන්නෙ Computers කෝටි ගණනක් හැක් කරන්න වෙනවා. ඒ නිසා තමා Bitcoin Blockchain එක කවදාවත් Hack කරන්න බැරි ඒ කියන්නෙ අපිට ඕන විදිහට Blockchain එකේ දත්ත වෙනස් කරන්න බැරි. අපි Bitcoin Mining ගැන ඉදිරි ලිපියක කතා කරන නිසා දැනට මේ ගැන වැඩි දුරට මෙතන කතා කරන්න යන්නෙ නෑ.

බැංකුවක් හරහා ගණුදෙනුවක් සිදුකරන විට බැංකුවට අවශ්‍ය නම් ගණුදෙනුව වලක්වාලීමේ හැකියාව සහ බලය තිබෙනවා. ඒ නිසා බැංකු හරහා සිදුවන ගණුදෙනු Centralize Network එකකට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. බිට්කොයින් ජාලය තුල ඉන්න Bitcoin Minners ල බිට්කොයින් ගණුදෙනු පවත්වාගෙන යෑමට දායක වුවත් එය පාලනය කිරීමේ හැකියාවක් නෑ. එය Decentralize Network එකක් ලෙස හදුනාගන්න පුලුවන්ව වගේම Bitcoin Blockchain හරහා සියුළුම දෙනාව එකිනෙකට සම්බන්ධ කරන නිසා බිට්කොයින් ජාලය එහෙමත් නැත්නම් Bitcoin Blockchain එක Decentralize Network එකක වගේම Distributed Network එකක එකතුවක් ලෙස හදුනා ගත හැකියි.


ඔබට දැන් බිට්කොයින් ගැන වගේම Blockchain Technology එක ගැන යම්කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියල හිතෙනවා. අපි මේ පිළිබදව සරලව කතා කලත් බිට්කොයින් වගේ Blockchanin තාක්ෂණය කියන්නෙ ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. Cryptocurrency කියන්නෙ මේ Blockchain තාක්ෂණය තුලින් ලබා ගත හැකි එක් ප්‍රයෝජනයක් පමණයි. අනාගතයේ දවසක Blockchanin Technology එක තාක්ෂණික ලෝකයේ ලොකු පෙරළියක් කිරීමට නියමිතයි.

Bitcoin  මිලදීගන්න, ගබඩා කරන්න හොදම තැනක් තමයි Binance කියන්නෙ, එහෙත් Binance එකට කෙලින්ම සදහා මුදල් ගෙවන්න ඔබගේ බැංකු ගිනුම හරහා හැකියාවක් නැහැ, 

මේ නිසා Binance හි ඇති P2P Order නම් පහසුකම හරහා Bitcoin හෝ Altcoin මිලදී ගැනීමට ඔබට සිදුවෙනවා, මෙහිදී සිදුවන්නේ Binance හි සිටින Verified හුවමාරු කරන්නෙකු හරහා Bitcoin මිලදී ගැනීමයි, මේ සදහා Paypal හෝ Skrill හරහා මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා.

Binance ගිනුමක් සාදාගන්න පහල Button එක Click කරන්න.



Paypal ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න

Skrill ගිනුමක් සාදාගන්නා ආකාරය දැන ගැනීමට අවශ්‍ය නම් මෙතනින් බලන්න



English Translation

Bitcoin can be identified as the latest investment wave in the business world. Everything in the world is going digital right now.

So in 2009 Satoshi Nakamoto, a software engineer, introduced the world to a cryptocurrency called Bitcoin.

As the world's attention turned to Bitcoin, the demand for Bitcoin increased rapidly. So Bitcoin was less than a dollar ($ 1) in 2010. Today, by 2021, there will be around fifty thousand dollars ($ 50,000).

Can you imagine the demand? So the price of Bitcoin changes constantly with the demand. So anyone who wants to can buy a small amount of Bitcoin and sell it when the price goes up and make a very high profit.

The idea of ​​a digital currency or cryptocurrency to replace the traditional currency we use today came about with the dawn of the digital age in the world. So, after about 1980, I started researching this. Somehow, in the 1990s, an American named David Chaum did a lot of research. But this did not become a reality at that time as there was not much progress in the internet as well as in equipment.

Bitcoin became the world's first successful cryptocurrency in 2009 with the gradual technological advancement of the world. It is based on the concept of a man named Satoshi Nakamoto.

Symbol of Bitcoin - Symbol of Bitcoin

Like every currency in the world, Bitcoin has a symbol and a short name. For example, $ is used as the symbol for the US dollar and the short name is USD. Similarly for Bitcoin

Sign - 
Short Name - BTC

Used as. Also, whether Bitcoin is a digital currency or a cryptocurrency, Bitcoin is also subdivided. Just like the dollar is divided into cents. So Bitcoin is also divided into tens of millions. The smallest partition is called a Satoshi. We can express it this way.

1 BTC = 10000000 Satoshi
0.00000001 BTC = 1 Satoshi

Also, when Satoshi Nakamoto commented on Bitcoin, the file contained everything about Bitcoin, the way Bitcoin works, and changes in the future. This file is called Bitcoin Whitepaper. Here you can see the Whitepaper of Bitcoin. Somehow after Bitcoin another large number of cryptocurrencies were created. All newly created and created cryptocurrencies have a Whitepaper. If you are investing in a cryptocurrency it is very important to study Whitepaper well. This is very important when investing in a new cryptocurrency.

The activation of Bitcoin

You all know now that Bitcoin is a digital currency. So in a country where every currency is controlled and maintained, governments and banks are directly involved. Through it they have the ability to print money. So the government and the banks are directly involved in the use of ordinary money. Imagine that the bank acts as an intermediary when we send money to someone abroad.

But in the case of Bitcoin, this is quite different. Bitcoin works through a technology called blockchain. So the Bitcoin network or Bitcoin blockchain is run by the people who use Bitcoin. When sending Bitcoin to someone else you do not need another party as an intermediary. Because of blockchain technology, no one but the two parties to the transaction will know about the transaction. Simply put, Bitcoin protects our privacy and enables us to transact.

Briefly about Bitcion Minners and Bitcoin Mining

Let us explain it this way. As we said earlier, a network with a transaction with an intermediary can be described as a Centralize Network. Also, a Peer to Peer Network is a network that allows two people to transact directly or person to person (Person to Person) without intermediaries. So there is no Central Authority to control the Bitcoin network or blockchain. But there are people who contribute to the running of the Bitcoin blockchain. That's what they call Bitcon Minners.

So let’s talk a little bit about Bitcoin Mining. Running a Bitcoin Blockchain requires a large number of interconnected computers. So the Bitcoin Blockchain gives a small amount of Bitcoin Rewards to the connected computers. This is why he says he can make money by mining Bitcoin. What we wanted to explain was that Bitcoin Miners themselves conduct Bitcoin Bitcoin Transactions or transactions with each other. So a large number of Bitcoin Minners are connected to the Bitcoin Blockchain.

Simply how a Bitcoin transaction takes place

Imagine that you have sent a bitcoin from your Bitcoin wallet to someone else, so the Minner you are connected to will see if there is enough Bitcoin in your wallet. So if there is enough, I will send the relevant amount of Bitcoin to the other person. Send a message to every Minner in the Bitcoin Blockchain that a transaction like this has taken place. So he can never lie to Bitcoin Blockchain. That means it cannot be hacked. If hacked, all the miners mentioned earlier, that is, millions of computers would have to be hacked. Therefore, the Bitcoin Blockchain can never be hacked, which means we can not change the data in the Blockchain as we want. We're going to talk about Bitcoin Mining in a future article, so we're not going to talk about this here at the moment.

When making a transaction through a bank, the bank has the ability and power to prevent the transaction if necessary. Therefore, transactions through banks can be cited as an example of a Centralize Network. The Bitcoin Miners in the Bitcoin network contribute to the Bitcoin transactions, but are unable to control it. It can be identified as a Decentralize Network and Bitcoin Network or Bitcoin Blockchain can be identified as a combination of a Decentralized Network as well as a Distributed Network because it connects everyone through Bitcoin Blockchain.


I think you now have some understanding of Bitcoin as well as Blockchain Technology. Although we will talk about this in a simple way, Blockchanin technology like Bitcoin is a very complex process. Cryptocurrency is just one of the benefits of this blockchain technology. Blockchanin Technology is set to revolutionize the world of technology one day in the future.

Binance is the best place to buy and store Bitcoin, but it is not possible to pay directly for Binance through your bank account.

So you have to buy Bitcoin or Altcoin through the P2P Order facility in Binance, where you have to buy Bitcoin through a Verified Exchange in Binance, for which you can pay via Paypal or Skrill.

Click the button below to create a Binance account.


If you want to know how to create a Paypal account, click here

If you want to know how to create a Skrill account, click here

No comments